මේ වනවිට සමහර ඉන්ධන පිරවුම්හල් අසල කිලෝ මීටර් ගණන් දිග පෝලිම් ඇත්තේ ඉන්ධන හිඟයක් නිසා නොවන බවත් ඉන්ධන මිල පහළ යෑම සම්බන්ධව වූ පුරෝකථනය මත බෙඳුම්කරුවන් විසින් ඉන්ධන ඇනවුම් ඉදිරිපත් නොකිරීම මේ ප්‍රශ්නයට හේතුව වූ බවත් ශ්‍රී ලංකා ඛණිජතෙල් බෙඳුම්කරුවන්ගේ සංගමයේ සභාපති කපිල නාඔටුන්න පවසයි.
කිසිවෙක් බිය විය යුතු නැතැයි පවසන බෙඳුම්කරුවන්ගේ සංගමයේ සභාපතිවරයා කීවේ අද සවස් වන විට සියලුම ඉන්ධන පිරවුම්හල් වෙත ප්‍රමාණවත් ඉන්ධන තොග ලැබෙනු ඇති බවය.
“ ඇමතිවරයා මොනවා කිව්වත් ඉන්ධන බෙඳුම්කරුවන් කරන්නේ සමාජ සේවයක්ම නෙමෙයි.මාස් පතා ලක්ෂ ගණන් පාඩු ලබමින් මේ ව්‍යාපාරය කරන්න බෑ.ඒ නිසා ඉන්ධන මිල ගණන් අඩුවේවි කියලා උපකල්පනය කරලා ඉන්ධන බෙඳුම්කරුවන් ඇනවුම් ඉදිරිපත් කළේ නෑ.”
“ ඇත්තටම මාස දෙකක් බෙඳම්කරුවන් හොඳටම පාඩු ලැබුවා. මැයි පළමුවැනිදා බෙඳුම්කරුවන්ට සංස්ථාවෙන්ම උපදෙස් දුන්නා වැඩිපුර තෙල් තොග රැස් කරගන්න කිව්වා.එහෙම කියලා 30 වැනිදා තෙල් මිල අඩු කළා.හැම බෙඳුම්කරුවෙක්ම මැයි මාසයේ ලක්ෂ 10 , 12 ලැබුවා. ඒ අත්දැකීම මිනිස්සුන්ට තිබුණා.”
“ ඊයේ වන විට අදාල ඇනවුම් කරලා ප්‍රමාණවත් තොග ලැබුණා.අද සහ හෙට තෙල් බෙදනවා.පෝලිම් තියෙන්නේ උදේ තෙල් තොග ලැබුණු ෂෙඩ්වල පෝලිමක් දැකපු ගමන් මිනිස්සු පෝලිමට එකතු වෙනවා.ඕන ප්‍රමාණයට වඩා වැඩිපුර තෙල් ගන්නවා.එතකොට ඉබේම ඉන්ධන හිඟයක් ඇති වෙනවා” සභාපතිවරයා කීවේය.
( ලංකා සර )














































