කළු ගගේ ජල මට්ටම ගංවතුර අවදානම් මට්ටම තෙක් අද අළුයම ඉහළ ගියේය . කළු ගග මැද ප්‍රථමවරට ඉදිවන මෙම අසිරිමත් නිර්මාණය සමන් දෙවිදුන්ගේ ආශිර්වාදයෙන් නිරුපද්‍රිතය. තොරණ නිර්මාණය කරමින් එය ආරක්ෂා කරන තරුණ කණ්ඩායමට ප්‍රණාමය .
රත්නපුර කළු ගඟ මත ඉදිකල මහා තොරණ.
රත්නපුර මුවගම සිරි විසුද්ධාරාම දහම් පාසල හා “Friend’s Life“ තරුණ සංවිධානය එක්ව 12වන වරටත් සංවිධානය කරනු ලබන සඳහම් පූජා පොසොන් කලාපයට සමගාමීව මෙම තොරණ ඉදි කල බව විහාරාධිපති පූජ්‍ය පනාමුරේ පඤ්ඤාලංකාර නාහිමියෝ පවසති.
අඩි 25ක් පළල, අඩි 30ක් උස LED බල්බ් භාවිතා කරමින් ඉදිකර ඇති මෙම තොරණින් පිළිඹිබු වන්නේ සීලම ජාතකයයි.
රත්නපුර ආසන්නයේම පිහිටා ඇති මුවගම පාලම ඉදිරිපිට දී දැක ගත හැකිය.
මෙම පොසොන් කලාපයේ තොරණ්, ධර්ම දේශනා, නාට්‍ය ඇතුළු සියළු අංග මතට විරුද්ධ මත වාදයක් වෙනුවෙන් ඉදිරිපත් කරන බව ද එය මෙවර තේමාව බවද උන්වහන්සේ සඳහන් කළහ.
මෙම පොසොන් කලාපය ආශ්‍රිතව නාලාගිරි දමනය ඇතුළු තොරණ් 4ක් ද, භක්ති ගීත සංදර්ශනයක් ද බෞද්ධ නාට්‍ය, පහන් කූඩු, ධර්ම දේශනා ආදිය ද ඇතුලත් බව උන්වහන්සේ මෙහිදී සඳහන් කලහ.
( කහවත්ත ලංකාදීප මාණ්ඩලික වාර්තාකරු ලසන්ත නිරෝෂණ පෙරේරා මහතාගේ මුහුණු පොතෙන් උපුටා ගන්නා ලදි. )














































