English
සිංහල
19:49 අඟහරුවාදා, ජූනි 16, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය ලබන වසරේ දී ආරම්භ කිරීමට සැලසුම්.

    publisher 1 by publisher 1
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    දේශගුණික විපර්යාස පිළිබඳ යෝජිත ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය ලබන වසරේ දී ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන මහතා ප්‍රමුඛ දේශගුණික විපර්යාස පිළිබඳ ලේකම් කාර්යාලයේ නිලධාරීන් සමඟ පසුගියදා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ය.

    දේශගුණික විපර්යාස පිළිබඳ පර්යේෂණ සඳහා ජාත්‍යන්තර පිළිගැනීමකට ලක්වූ විද්‍යාඥයින් 130 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් මේ වන විට හඳුනාගෙන ඇති බවද මෙහිදී අනාවරණය විය. එම විද්‍යාඥයන්ගේ ජාත්‍යන්තර සබඳතා මෙම විශ්වවිද්‍යාලයේ ක්‍රියාකාරිත්වය සඳහා දායක කර ගැනීම අරමුණයි.

    බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමේ දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශේෂඥයින් කණ්ඩායමකට මෙම වසරේ ජුලි, අගෝස්තු මාසවල මෙරටට පැමිණීමට සිදුකර ඇති ආරාධනය පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර දේශගුණික විපර්යාස සම්බන්ධව කටයුතු කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ සාකච්ඡා කිරීම, එම සාකච්ඡාවලින් ලබා ගන්නා තොරතුරු ගවේෂණය සහ ගෝලීය පරිසර ගැටලු සාකච්ඡා කිරීම ඔවුන්ගේ සංචාරයේ අරමුණ බව ද සඳහන් කෙරිණි.

    යෝජිත දේශගුණික විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලය ආරම්භ කිරීම සඳහා සහාය වීමට කොරියානු එක්සිම් බැංකුව ද මේ වන විට ඉදිරිපත්ව සිටින අතර, හාවඩ් සහ එම්.අයි.ටී. (MIT) වැනි කීර්තිමත් ආයතන ද මෙම විශ්වවිද්‍යාලය සමග සම්බන්ධවිමට කැමැත්ත පළ කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පැවසීය.

    දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය පර්යේෂණ සඳහා පමණක් වෙන් වන පශ්චාත් උපාධි ආයතනයක් වන බව පැවසූ ජනාධිපතිවරයා දේශගුණික විපර්යාස ක්ෂේත්‍රයේ සියලු ඉදිරි පර්යේෂණ මෙම ආයතනයේදී පැවැත්වීමට කටයුතු කරන ලෙස ද ඉල්ලා සිටියේය.

    විශ්වවිද්‍යාලයේ කටයුතු සඳහා දායක වන ඕනෑම රටකට හෝ සංවිධානයකට විශ්වවිද්‍යාලයේ කොටස්කරුවෙකු වී විශ්වවිද්‍යාල පාලක මණ්ඩලයේ සාමාජිකත්වය ලබාගත හැකි බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

    එසේම මෙම විශ්වවිද්‍යාලය තුළ රාජ්‍ය නිලධාරීන් සඳහා කෙටිකාලීන පාඨමාලා පවත්වාගෙන යාමට ඇති හැකියාව සොයා බලන ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

    මීට පෙර පැවති සාකච්ඡාවලදී අවධානය යොමූ වූ දේශගුණික විපර්යාස පිළිබඳ කාර්යාලයක් පිහිටුවීම, හරිත ආර්ථිකයක් නිර්මාණය කිරීම, පරිසර හිතවාදී හරිත සංවර්ධනය සහ නවෝත්පාදන කළමනාකරණය යන ක්ෂේත්‍ර පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ගැනිණි.

    සමුද්‍ර දූෂණය වළක්වා ගැනීම සහ විදුලි මෝටර් රථ භාවිතය වැනි ක්ෂේත්‍ර කෙරෙහි යොමුවීමේ දී ශ්‍රී ලංකාව දක්වන පසුගාමීත්වය පිළිබඳව ද අවධානය යොමු වූ අතර එම ගැටලුවලට විසඳුම් සෙවීමේ දී පෞද්ගලික අංශය සහ ජාත්‍යන්තර සංවිධානවල සහාය ලබා ගන්නා ලෙස ජනාධිපතිවරයා බලධාරීන්ට උපදෙස් දුන්නේය.

    එක්ස්ප්‍රස් පර්ල් නෞකා සිද්ධිය උදාහරණයක් ලෙස ගෙන මධ්‍යම පරිසර අධිකාරිය, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව යන ආයතන තනි අධිකාරියක් යටතට පත් කිරීරමේ අවශ්‍යතාවය අවධාරණය කළ ජනාධිපතිවරයා ඒ තුළින් පාරිසරික ගැටලුවලට වඩාත් ඵලදායී විසඳුම් ලබා ගත හැකිවනු ඇති බව ද පෙන්වා දුන්නේය.

    ශ්‍රී ලංකාව කලාපයේ ප්‍රමුඛ නාවික කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ කටයුතු පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර ශ්‍රී ලංකාව තුළ ආපදා වැළැක්වීමේ අධිකාරියක් නොමැතිකම බලවත් ගැටලුවක් බවත්, ආපදා අවස්ථාවලදී ඉන්දියාවෙන් ලැබෙන සහාය මත පමණක්ම රැඳී නොසිට රට තුළ ආපදා පෙර සූදානමක් ඇති කර ගැනීමේ වැදගත්කමත් ජනාධිපතිවරයා පැහැදිළි කළේය.

    සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ (MEPA) ව්‍යසන කළමනාකරණ වැඩසටහන කෙරෙහි ද සාකච්ඡා කෙරුණු අතර ඒ සඳහා සහායවීමට යුරෝපීය නියෝජිත පිරිසක් කැමැත්ත පළ කර තිබෙන බවත්, ජාත්‍යන්තරව පිළිගත් කලාපීය ආපදා කළමනාකරණ වැඩසටහනක් ඇති කිරීම සඳහා මගපෙන්වීමට මෙම යුරෝපීය කණ්ඩායම ජුනි 12 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවත් අනාවරණය කෙරිණි.

    පුද්ගලික අංශයේ අරමුදල්වල සහාය ඇතිව වෙනම ආපදා කළමනාකරණ ඒකකයක් පිහිටුවීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) උනන්දුවෙන් පසුවන අතර දේශගුණික විපර්යාස හා සම්බන්ධ සාගරය ආශ්‍රිත කරුණු කෙරෙහි උනන්දුවක් ඇති බාහිර ආයතන කිහිපයකින් ද ඒ සඳහා සහාය ලැබී ඇති බවත් සඳහන් විය.
    විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි, පරිසර අමාත්‍ය නසීර් අහමඩ්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, ජනාධිපති උපදේශක ආචාර්ය ආනන්ද මල්ලවතන්ත්‍රි, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන, පරිසර අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය අනිල් ජාසිංහ, ජනාධිපති ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ දිනූක් කොළඹගේ යන මහත්වරු සහ රේඛීය ආයතනවල නිලධාරීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

    (ජනාධිපති මාධ්‍ය ඒකකය)

    Tags: විශේෂ පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    අනුරාධපුර ඩිජිටල්කරණයට.

    මාර්තු 16, 2024
    ප්‍රජා

    මධ්‍යම අධිවේගයේ මාර්ග අවහිරතාවයක්.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    ග්‍රහලෝකාගාරය අද සිට විවෘත වේ.

    මාර්තු 13, 2024
    අධ්‍යාපන

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ළගදීම.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    අන්තර්ජාල වංචාවල කැපී පෙනෙන වර්ධනයක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    කුඩා වැව් වෙන්දේසි කර බද්දට.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    උතුරට සහ වයඹට නව ආණ්ඩුකාරවරු.

    මාර්තු 12, 2024
    ප්‍රජා

    නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස් වරයෙක්.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version