ලෝකයේ විශාලතම කැස්බෑ විශේෂයට අයත් දාර කැස්බෑවෙකුගේ සිරුරක් අද (03) දහවල් පානදුර වෙරළට ගොඩ ගසා තිබූ බව වාර්තා වේ.
මෙම කැස්බෑවාගේ දිග අඩි 06 යි අගල් 07 ක් බවත් , මෙරට මුහුදු සීමාවේ දී දැකගැනීම ඉතා දුර්ලබ බවත් පානදුර වෙරළ ආරක්ෂක බළකා නිලධාරීන් සදහන් කර තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතියේ සභාපති සාගර කැස්බෑ විශේෂඥ තුෂාන් කපුරුසිංහ මහතා ,
“ලෝකයේ විශාලතම කැස්බෑ විශේෂයට දාර කැස්බෑවන් අයත්. උතුර ඉන්දියන් සගරයට අයත් රටවල්වලින් බිත්තර දමන්නට පැමිණෙන්නේ ලංකාව සහ ඉන්දියන් අන්දමන් සහ නිකොබාර් දූපත්වලට පමණයි. මෙම උප ගහනය සීඝ්‍රයෙන් වදවීගෙන යන සත්ත්ව විශේෂයට අයත්.”














































