English
සිංහල
16:44 ඉරිදා, ඔක්තෝබර් 26, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකට එක් වූවත් මේ මොහොතේ 50%ක ඡන්ද පදනමක් නැහැ

    publisher 1 by publisher 1
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp
    • තවමත් ජනතාවගෙන් අතිමහත් බහුතරයකට මැතිවරණ හා දේශපාලනය පිළිබඳ විශ්වාසයක් නැහැ.
    • ජනතාවට අවශ්‍ය ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමයි – ජාතික නීතිඥ සමුළුව අමතමින් ජනපති පවසයි.

    පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂ එකට එක් වුවත් මේ මොහොතේ ඒ කිසිවකට 50%ක ඡන්ද පදනමක් නොමැති බවත්, එබැවින් සියලුදෙනා එක්විය යුත්තේ මැතිවරණයක් සඳහා නොව ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    තවමත් මෙරට තරුණ පරපුර ඇතුළු ජනතාවගෙන් අතිමහත් බහුතරයක් අතර මැතිවරණ හා දේශපාලනය පිළිබඳ විශ්වාසය කඩ වී ඇති බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලයේ දී ඊයේ (02) පැවති “2023/ 2024 ජාතික නීතිඥ සමුළුව අමතමිනි.

    නීතිය හා සාමය, දේශපාලන සහ ආර්ථීක ස්ථාවරත්වය යළි පිහිටුවීමෙන් අදහස් වන්නේ ශ්‍රී ලංකාව මුළුමනින්ම අර්බුදයෙන් මිදී ඇති බව නොවන බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙම සමස්ත ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා ඉදිරියේදී විශාල කැපවීම් කළ යුතුව ඇති බවද සඳහන් කළේය.

    මීට මාස දහයකට පෙර රට දැඩි ආර්ථිකය අභියෝගයට ලක් වූ අතර එය ඉතිහාසයේ කිසිදා නොතිබූ තත්ත්වයක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එම තත්ත්වය සමනය කර ගැනීමට තමා ඇතුළු කණ්ඩායමට කටයුතු කළ බවත් සඳහන් කළේය.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය .

    ජාතික නීති සමුළුව මඟින් ආර්ථික ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සහ එහි වර්ධනය කෙරෙහි අවධානය යොමු කරන පළමු අවස්ථාව මෙයයි. ඒ සඳහා නුවරඑළිය සහ මෙම ස්ථානය තෝරා ගැනීම සුදුසු බව මම විශ්වාස කරනවා. එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයාට නුවරඑළියේ නිවසක් තිබූණා. බාන්ස් ආණ්ඩුකාරවරයා කියන්නෙ කෝපි වගාව සහ අපගේ වැවිලි ආර්ථිකයේ ආරම්භය ප්‍රවර්ධනය කළ තැනැත්තායි.

    අප අද මෙහි හමුවන්නේ අපේ රට අසාර්ථක රාජ්‍යයක් බවට පත් විය හැකි තත්ත්වයක් නිර්මාණය වී තිබි ගෙවී ගිය මාස 10 – 11 කට පමණ පසුවයි. නමුත් මේ මොහොත වන විට අපි රට තුළ නීතිය හා සාමය, දේශපාලන ස්ථාවරත්වය සහ ආර්ථික ස්ථාවරත්වය ස්ථාපිත කර තිබෙනවා.මේ ස්ථාවරභාවය කෙටිකාලීන දෙයක් පමණක් බව අපට වැටහෙනවා. එබැවින් මෙම අභියෝගය ජය ගැනීමට අප තව බොහෝ දුර යා යුතුව තිබෙනවා .

    මීට මාස දහයකට පෙර මේ රටේ සමස්ථ ආර්ථියකම දැඩි අභියෝගයකට ලක් වුණා. එවැනි තත්ත්වයක් මිට පෙර රට තුළ ඇති වී තිබුණේ නැහැ.

    නීතිය හා සාමය ,දේශපාලන ස්ථාවරත්වය සහ ආර්ථීක ස්ථාවරත්වය යළි රට තුළ ඇති කිරීමට අප ඉකුත් මාස 10 තුළ කැපවී කටයුතු කළ ද ඉන් අදහස් වන්නේ අප ආර්ථික අර්බුදයෙන් මුළුමනින් මිදී ඇති බව නොවෙයි.

    තවමත් අපේ ජනතාවගෙන් අතිමහත් බහුතරයක් අතර මැතිවරණ හා දේශපාලනය පිළිබඳ විශ්වාසය කඩ වී තිබෙනවා.පාර්ලිමේන්තුව වේවා, අධිකරණය වේවා, ජනමාධ්‍ය වේවා, පෞද්ගලික අංශයේ පිහිටුවා ගත් වෘත්තීය සමිති වේවා, වෘත්තීකයන් වේවා, අපේ රටේ අති බහුතරයක් ජනතාව සහ රාජ්‍ය පාලකයන් අතර සමස්ත පද්ධතිය පිළිබඳ විශ්වාසයක් නැහැ.

    මෙහිදී අදහස් දැක්වූ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා,

    පසුගිය වසර කිහිපය තුළ අභියෝග රැසක් මධ්‍යයේ වුවද නීතීඥ සංගමය සාමාජිකයන් එක්රැස් කර විවිධ තේමා යටතේ සම්මන්ත්‍රණ පැවැත්වුණා.
    2022 වසරේ එහි තේමාව වූයේ නීති වෘත්තියේ ඔරොත්තු දීමේ හැකියාව ප්‍රතිනිර්මාණය කිරීම සහ අනුගත වීමයි. ඉන් පසුව මේ වසර මුලදී අර්බුදයක් හරහා ගමන් කිරීමේ – නීතියේ භූමිකාව තේමාව යටතේ අපි එකට එකතු වුණා.

    කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් පෙර නොවූ විරූ දුෂ්කරතා, සහ අභියෝගවලට අප සියලුදෙනාට මුහුණදීමට සිදු වුණා. නමුත් මෙම තත්ත්වයෙන් මිදී සාමාන්‍ය තත්ත්වයට පැමිණීමට සහ ඉදිරියට යාමට හැකි සෑම උත්සාහයක්ම ගැනීම අප සියලුදෙනාගේ වගකීම කියා අප විශ්වාසය කරනවා .

    නීතිඥ සංගමයේ සභාපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා

    සාම්ප්‍රදායිකව ජාතික නීති සම්මේලනය කැපවී සිටින්නේ නීති වෘත්තියට අදාළව එදිනෙදා මතුවන මාතෘකා පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ය. කෙසේ වෙතත්, මෙවර ජාතික නීති සමුළුව 2023/2024 වෙනස් ප්‍රවේශයක් ගෙන තිබෙනවා. රටේ ජාතික අවශ්‍යතා සහ යහපත් අනාගතයක් සඳහා නීති ප්‍රජාවේ කාර්යභාරය පිළිබඳව සාකච්ඡා කිරීමට අපි මෙවර සමුළුව වෙන්කර තියෙනවා .

    මෙම ප්‍රයත්නයේදී අපි පාර්ශ්වකරුවන් කිහිප දෙනෙකු සමඟ සම්බන්ධ වී සිටිනවා. අන් කවරදාටත් වඩා දේශපාලනික සහ ආර්ථික අභියෝගයකට අපේ රට මුහුණ දී සිටින බව නොරහක්. එබැවින් අත්‍යවශ්‍ය නීති පද්ධතියක් සහ ස්වාධීන අධිකරණයක් රට තුළ තිබීම අත්‍යාවශ්‍ය යි.

    නීතියේ ආධිපත්‍යය පවත්වාගෙන යාම සහ රට අපේක්ෂිත දිශාවට ගෙනයාම සඳහා දූරදර්ශී, විනයගරුක ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන සහ අපේ රටේ පුරවැසියාගේ අයිතිවාසිකම් මෙන්ම රටේ ආරක්ෂාව සහතික කරන නායකත්වයක් අත්‍යවශ්‍ය යි.

    අපගේ වෘත්තීය ඉතිහාසයේ ප්‍රථම වතාවට, නීති ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණය කළ යුතු හෝ සංශෝධනය කළ යුතු අංශ පිළිබඳව සියලු පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා කිරීමට, අපි ජාතික නීති සමුළුව වෙන් කර තිබෙනවා .

    රටේ දිගුකාලීන සංවර්ධනය සහතික කරන මෙන්ම ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක සිට සංවර්ධිත රටක් කරා ගෙන යන නීති අපගේ නීති පද්ධතියට හඳුන්වා දීමට හා ඒ සඳහා නීති සම්පාදකයන්ට බලපෑම් කිරීමට අවශ්‍ය සහය සහ දැනුවත් කිරීම මෙම සමුළුව මඟින් ලබා දීම අපේ අරමුණයි.

    ජාතික නීතිඥ සම්මේලනයේ සභාපති නීතිඥ ෆයිසර් මුස්තාෆා මහතා

    අද ජාතියක් ලෙස අප සිටින්නේ අර්බුදකාරී කාල වකවානුවකයි. මෙය හුදු නීතීඥ ප්‍රජාව එකමුතු කරන සම්මන්ත්‍රණවලින් එකක් නොවෙයි. ප්‍රතිපත්ති සම්පාදකයින්, නිලධාරීන් සහ ව්‍යාපාරික ප්‍රජාව අතර සංවාදයක ආරම්භයක් ලෙස මෙම සමුළුව පැවැත්වීමට අපි තීරණය කළේ රට සහ ආර්ථිකය ගොඩ ගැනීම සඳහායි.

    අප ජාතියක් ලෙස දියුණු වීමට නම් නීති අංශ ව්‍යවසායකත්වයේ වැදගත්කම හඳුනා ගැනීම වැදගත්. ඒ වගේම ව්‍යවසාය සහ ව්‍යවසායකයින් නීතියේ ආධිපත්‍යය ද පිළිගත යුතුයි.

    මේ සම්බන්ධයෙන් කල්පවත්නා විසඳුම් සෙවීමේදී දේශපාලන නායකත්වය ද ඊට සම්බන්ධ කර ගැනීම ඉතා වැදගත්. එවිට මේ සම්මේලනයේ සාර්ථක ප්‍රතිපල අපට ලබා ගත හැකි වෙනවා.

    මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, නීතිපති සංජය රාජරත්නම්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්. සමරතුංග, හිටපු අමාත්‍ය නවීන් දිසානායක යන මහත්වරුන් සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්, නීතිඥවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    (ජනාධිපති මාධ්‍ය ඒකකය)

    Tags: විශේෂ පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    අනුරාධපුර ඩිජිටල්කරණයට.

    මාර්තු 16, 2024
    ප්‍රජා

    මධ්‍යම අධිවේගයේ මාර්ග අවහිරතාවයක්.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    ග්‍රහලෝකාගාරය අද සිට විවෘත වේ.

    මාර්තු 13, 2024
    අධ්‍යාපන

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ළගදීම.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    අන්තර්ජාල වංචාවල කැපී පෙනෙන වර්ධනයක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    කුඩා වැව් වෙන්දේසි කර බද්දට.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    උතුරට සහ වයඹට නව ආණ්ඩුකාරවරු.

    මාර්තු 12, 2024
    ප්‍රජා

    නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස් වරයෙක්.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version