ඉදිරි මෝසම් වැසි තත්ත්වය සමග ඩෙංගු ව්‍යාප්තියේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බවත් , ඊට පෙර තම අවට වටපිටාව පිරිසිදු කර ගැනීමෙන් එම අවධානම අවම කරගත හැකි බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වෛද්‍ය ළහිරු කොඩිතුවක්කු මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එමෙන්ම ලබන 14 , 15 හා 16 යන දිනයන්වල දිවයිනේ දිස්ත්‍රික්ක 12 ක් ආවරණය වන පරිද්දෙන් විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ද ඔහු වැඩි දුරටත් සදහන් කර තිබේ.













































