මාරාන්තික ශ්වසන ආසාදන සහිත HMPV වෛරසය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර ඇති බවත් , මෙම වෛරසය ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල් කිහිපයක ඉහළ ව්‍යාප්තියක් පවතින බවත් , ලංකාවට මෙතෙක් මෙම වෛරසයෙන් බලපෑමක් නොමැති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් 19 රෝගය පිළිබඳ ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එමෙන්ම මෙම වෛරසය කොවිඩ් ආසාදනයේ සහ උණ රෝගයේ ලක්ෂණ මෙන්ම ශ්වසන ආසාදන ඇති කරවන බවත් , මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අදාළ බලධාරීන් අවධානයෙන් කටයුතු කරන බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කරන ලදී.













































