ගෑස් මිල පහළ දැමූවත් එයින් තම නිෂ්පාදන සඳහා සහනයක් නොලැබෙන බවත් , බේකරි නිෂ්පාදවල මිල ගණන් පහළ දැමීමක් සිදු නොවන බවත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එමෙන්ම ගෑස් භාවිතා කරමින් ආහාර නිෂ්පාදනය කරනු ලබන බේකරි පවතින්නේ 25%කටත් වඩා අඩුවෙන් බවත් , ඉතිරි බේකරි සියල්ල ඩීසල් , දර සහ විදුලිය භාවිතා කරන බවත් , එම හේතුවෙන් සමස්ථයක් වශයෙන් බේකරි නිෂ්පාදන්වල මිල ගණන් පහළ දැමීමේ හැකියාවක් නොමැති බවත් , ගෑස් මිල ඉහළ දමන අවස්ථාවේ දී තම නිෂ්පාදනයන් වල මිල ගණන් ඉහළ දැමූ බවට ඇතැම් පාර්ශවයන් විසින් ප්‍රකාශ කළ ද කිසිඳු අවස්ථාවක තම සංගමය විසින් ආහාර මිල ගණන් වැඩි නොකළ බවත් සමස්ත ලංකා බේකරි සංගමයේ සභාපතිවරයා වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.














































