මිල නියාමනයක් නොකර දිගින් දිගටම මිල ඉහළ යාම හේතුවෙන් කුකුළු මස් ආනයනය කිරීමේ සූදානමක් පවතින බව ජාතික සත්ත්ව නිෂ්පාදකයින්ගේ එකමුතුව ප්‍රකාශ කළ බව වාර්තා වේ.
වැඩි දුරටත් අදහස් දැක්වූ ජාතික සත්ත්ව නිෂ්පාදකයින්ගේ එකමුතුවේ කැඳවුම්කරු සුජීව ධම්මික මහතා ,
“කුකුළු මස් හිඟයක් මවාපාමින් කෙලින්ම නිෂ්පාදකයාට ඇඟිල්ල දික් කරන්න වැඩක් හදනවා. තව ටික දවසක් ගිහිල්ලා පාරිභෝගික අධිකාරියට කියනවා මිල ගැසට්ටුවක් ගහන්න කියලා. මිල ගැසට්ටුවක් ගහපු ගමන්ම මේ නිෂ්පාදනය කඩා වැටෙනවා. තවම සත්ත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවට මේ බෝලේ පාස් කරලා නිකන් ඉන්නවා මිසක කෙළින්ම මේ වැඩේ අතට ගන්න වැඩ සලස්සන්නේ ඇයි කියන සැකය මතු වෙනවා. කිරිපිටිවලට බදු සහන ඉවත් කළා වගේ. මේ නිෂ්පාදනවලට සපයන අමුද්‍රව්‍යවල බදු සහන වැඩි කරන්න. වැඩි බද්දක් තියෙනවා නම් ඉවත් කරන්න. එහෙම නැතුව මේ සැරසෙන්නේ කුකළු මස් ටිකක් ගෙන්නන්න. වහාම මේ දැනට තිබෙන මිල හරියට තාක්ෂණික කාරණා අනුව මිල නියාමනය කරන්න. සත්ත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුව පූර්ණව මැදිහත් වෙලා විසඳුවේ නැතිනම් කුකුළු ගොවිපොළවල් රටින් නැති වෙනවා. කුකුළු මස් රටින් ගෙන්න කටයුතු කරනවා.”














































