පාසල් සිසුන් වෙනුවෙන් විද්‍යුත් තැපැල් ගිණුම් සැකසීමේ දී මව්පියන්ගේ දත්ත ඇතුළත් නොකරන ලෙස පොලිස් අපරාධ අංශයේ උසස් නිලධාරීන් විසින් ප්‍රතිසන්ධානය සහ ජාතික සමගිය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී අවධාරණය කර ඇති බව වාර්තා වේ.
එමෙන්ම දෙමව්පියන්ගේ දත්ත ඇතුළත් කිරීම නිසා දරුවන්ට ඕනෑම වෙබ් අඩවියකට පිවිසීමේ අවස්ථාව හිමිවන බවත් , දරුවන්ගේ නිවැරදි තොරතුරු ලබා දෙන්නේ නම් අන්තර්ජාල පද්ධතිය දරුවන්ට නුසුදුසු දර්ශන සහ වෙබ් අඩවි සොයා බැලීමේ හැකියාව සහ ඒවාට ප්‍රවේශ වීම පාලනය කෙරෙන බවත් පොලිස් අපරාධ අංශයේ නිලධාරීන් ප්‍රකාශ කර තිබේ.













































