ගලහ දෙල්තොට ප්‍රදේශයේ අවන්හලක ආහාර පිසිමින් සිටියදී එක්වරම ඇති වූ ගින්නකින් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව සදහන්.
තුවාල ලැබූ පුද්ගලයින් සිව්දෙනා ප්‍රතිකාර සදහා ගලහ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් පුද්ගලයකු වැඩිදුර ප්‍රතිකාර සදහා මහනුවර මහ රෝහලට ඇතුළත් කළ බවට වාර්තා වේ.
රෝහල් ආරංචි මාර්ග සදහන් කළේ ,තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි.
ගෑස් කාන්දුවක් ගින්නට හේතු වන්නට ඇති බවට පොලිසිය සැක පළ කරනු ලබයි.














































