දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක , පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා යාපනය, වඩමාරච්චි නැගෙනහිර ප්‍රදේශයේ ජන හමුවකට සහභාගී වූ අවස්ථාවකදී බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙකු සමග උණුසුම් තත්ත්වයක් පසුගිය දෙවනදා ඇති වූ අතර එම අවස්ථාවේදී අදාළ මන්ත්‍රීවරයා සහ ඊට යාබදව පැවති සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථානයේ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරියෙකු අතර ද බහින්බස් වීමක් ඇති වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මරදන්කේනි පොලිසිය විසින් කිලිනොච්චි මහේස්ත්‍රාත් අධිකරණයට ද දැනුම් දී තිබුණි.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා අද (07) පෙරවරුවේ අත්අඩංගුවට ගත් අතර ඔහුව කිලිනොච්චි අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරි බව වාර්තා වේ.














































