බිත්තර දමන කිකිළියන්ගේ හිඟයට පිළියමක් වශයෙන් රක්කවන ලද බිත්තර එක්ලක්ෂ පනස් දහසක් නෙදර්ලන්තයෙන් ගෙන්වීමට කටයුතු යොදා ඇති බව ජාතික පශු සම්පත් මණ්ඩලයේ සභාපති මහාචාර්‍ය එච්.ඩබ්ලිව්.සිරිල් මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
රක්කන ලද බිත්තර ආනයනය කිරීමෙන් අනතුරුව මෙරටදී එම බිත්තර දින 21 ක කාලයක් රක්කනය කළ යුතු බවත් , මෙම බිත්තර තොගය මෙම මස අවසානයේ හෝ ලබන මස මුල් කාලයේ මෙරටට ලැබීමට නියමිත බවත් සභාපතිවරයා සඳහන් කර තිබේ.
මෙලෙස ආනයනය කරන බිත්තරයක් යූරෝ 0.3ක් එනම් රුපියල් 31 ක් වන බවද , එම ආනයනික බිත්තර 100කින් පැටවු 80ක් බිහි කළත් ඉන් 40ක්ම පිරිමි සතුන් වන බව ද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.














































