ජාතික ආරක්ෂාවට අදාළ සංවේදී තොරතුරු නිරාවරණය වීම හේතුවෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය සඳහා තම කමිටුව නිර්දේශ නොකරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව දැනුම් දී ඇති බව වාර්තා වේ.
එමෙන්ම ත්‍රස්තවාදීන්ට මෙන්ම අන්තවාදීන්ට ද කුමන හෝ ආකාරයකින් උපකාර කළ කිසිවෙකු හට ද අසාදු ලේඛන ගත කළ සංවිධානයකට ද මෙහි කිසිදු කොටසක් මිලදී ගැනීමට ඉඩ ලබා නොදෙන බව මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තාවෙහි දක්වා ඇති බව සඳහන්.