ඊයේ (9) පස්වරුවේ මහනුවර මහියංගනය මාර්ගයේ ගුරුළුපොත ප්‍රදේශයේදී බස් රථයක් පෙරලී ගොස් සිදුවූ අනතුරකින් මාස හයක් වයසැති දරුවකු මිය ගොස් තිබේ.
මෙසේ අනතුරට පත්ව ඇත්තේ වන්දනා ගමනක් ගොස් නැවත පැමිණෙමින් සිටි පෞද්ගලික බස් රථයක් වන අතර බස් රථය ධාවනය වෙමින් තිබියදී බස් රථයේ තිරිංග අක්‍රිය වීම හේතුවෙන් රියදුරු විසින් බසය මාර්ගය අසල පස් කන්දකට යොමු කරවීම නිසා බසය පෙරලී ගොස් ඇති බව වාර්තාවේ.
අනතුර හේතුවෙන් බසයේ රියදුරු ඇතුළු 21 දෙනකු තුවාල ලබා හසලක හා මහියංගනය රෝහල් වෙත ඇතුලත් කොට තිබේ.
එලෙස රෝහල් ගතකරන ලද අය අතර පිරිමි 8 ක්, කාන්තාවන් 10ක් හා කුඩා ළමුන් 3 ක් සිට ඇති අතර ඒ අතරින් මාස 6 ක් වයසැති කුඩා දරුවකු මිය ගොස් තිබේ.
ඔහුන් සියලුදෙනා බිබිල ප්‍රදේශයේ පදිංචි කරුවන් බව වාර්තාවේ.














































