බ්‍රිතාන්‍ය රැකියා සඳහා පිටත්ව යන ශ්‍රී ලාංකිකයින්ට මෙන්ම බ්‍රිතාන්‍යයේ සිට මෙරටට පැමිණෙන සංචාරකයින් හට ඔවුන්ගේ රියදුරු බලපත්‍ර අදාළ රටවල භාවිතා කළ හැකි වන ලෙස ගිවිසුමකට එලඹීමට නියමිත බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ඒ අනුව මෙම දෙපිරිසටම පෙර පුහුණු පරීක්ෂණයකට ඉදිරිපත් නොවී රියදුරු බලපත්‍රය භාවිතා කිරීමේ හැකියාව පවතින බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රියදුරු බලපත් කොමසාරිස් වසන්ත ආරියරත්න මහතා සඳහන් කරන ලදී.