ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය රොබෝ තාක්ෂණය සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානය ආරම්භ කිරීමට රුපියල් කෝටි අටක වියදමින් 2020 වර්ෂයේදී මිලදී ගෙන ඇති රොබෝ යන්ත්‍ර හතරක් ඇතුළු උපකරණ එම මධ්‍යස්ථානය ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් දිරාපත්වෙමින් පවතින බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවේ සදහන්.
සමහර මෘදුකාංග සඳහා රහස් පද ඇතුළත් කර ඇති හෙයින් ඒවා ක්‍රියාත්මක කිරීමට නොහැකිවී ඇතැයිද එම වාර්තාවේ දැක්වේ.
මෙම මධ්‍යස්ථානය පවත්වාගෙන යෑමට බඳවාගෙන ඇති විධායක නිලධාරියාට (වසර දෙකක කාලයක් සඳහා) මසකට රුපියල් හත්ලක්ෂ විසි පන් දහසක් බැගින් රුපියල් කෝටියකට වැඩි මුදලක් ගෙවා ඇතැයි ද ජාතික විගණන කාර්යාලය ප්‍රකාශ කර තිබේ.