පසුගිය 11 වන දා කහවත්ත රෝහල් භූමියේ රාජකාරියේ යෙදී සිටි පොලිස් සැරයන්වරු දෙදෙනෙකුට පහර දුන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
එදින කහවත්ත ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ දී පැවති සංගීත ප්‍රසංගය අතරතුරේ දී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමෙන් රෝහල්ගතව සිටි තුවාලකරුවන් බැලීම සඳහා රෝහල වෙත පැමිණි දෙපිරිසක් අතර හටගත් ගැටුමක් සමථයකට පත් කිරීමට යාමේ දී මෙම පොලිස් සැරයන්වරු දෙදෙනාට පහර දී ඇති බව කහවත්ත පොලිසිය සඳහන් කර තිබේ.
පහර කෑමට ලක් වූ පොලිස් සරයන්වරු දෙදෙනා ප්‍රතිකාර සඳහා කහවත්ත රෝහල වෙත ඇතුළත් කර ඇති අතර සැකකරුවන් අද (13) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.














































