දුම්රිය දෙපාර්තමේන්තුව සතුව පවතින ඉඩම් බදු දීම සඳහා ආයෝජකයින්ගෙන් අයදුම්පත් කැඳවා තිබෙන අතර ඒ යටතේ සංචාරක ප්‍රවර්ධන සහ වෙනත් කටයුතු සඳහා ආයෝජනය කිරීමට පෞද්ගලික අංශයෙන් යෝජනා දෙන ලෙස ඉල්ලා ඇති බව වාර්තා වේ.
එමෙන්ම ලබන 24 වැනිදා දක්වා මේ සදහා අවස්ථාව පවතින බව සඳහන්.
ඒ අනුව මුහුදුබඩ මාර්ගයේ කොම්පඤ්ඤ වීදිය , කොල්ලුපිටිය , බලපිටිය සහ වැල්ලවත්ත යන දුම්රිය ස්ථාන ආශ්‍රිතව මෙන්ම උඩරට මාර්ගයේ සංචාරක ආකර්ශනයක් ඇති පරිසර පද්ධති ආශ්‍රිත දුම්රිය ඉඩම් ද බදු දීමට අපේක්ෂා කරන බව වාර්තා වේ.













































