වැලිවේරිය පොලිස් වසමේ සිවුරළුමුල්ල ,නැදුන්ගමුව ප්‍රදේශයේ නිවසක් තුළ ලේ ගලන තුවාල සහිතව මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුව ඇති බව වාර්තා වේ.
වැලිවේරිය පොලිසියට ලද පැමිණිල්ලක් මත විමර්ශණ ආරම්භ කළ බවට පොලිසිය සදහන් කර තිබේ.
එලෙස මියගොස් ඇත්තේ 68 හැවිරිදි පුද්ගලයෙකි.
මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සදහා මෘත ශරීරය ගම්පහ රෝහලේ තැන්පත් කර ඇති බව සදහන්.














































