උසස් පෙළ විභාගය පැවැත්වීම සඳහා නිශ්චිත මාසයක් නෛතිකව ප්‍රකාශයට පත් කරන බවත් , එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගෙන , එම ප්‍රකාශයට පත් කරනු ලබන නිශ්චිත මාසය අතිශය බරපතළ තත්ත්වයක දී හැර වෙනස් කිරීමට නොහැකිවන ආකාරයෙන් අදාළ නීති සකස් කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව සකස් කිරීමේ අමාත්‍ය කමිටුවට සහය වීම සඳහා පත් කරන ලද විශේෂඥ කමිටුවේ පළමු සාකච්ඡාවට එක් වෙමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ.