පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පිහිටුවීම සදහා වූ පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ.
රජයේ මුදල් පිළිබඳ කාරක සභාව රැස් වූ අවස්ථාවේදී එක් සංශෝධනයකට යටත්ව අදාළ පනත් කෙටුම්පත සදහා අනුමැතිය ලබාදීම සිදුවූ බවට පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ.
බොහෝ කලක් ප්‍රමාද වී හෝ පාර්ලිමේන්තුවේ අයවැය කාර්යාලයක් පිහිටුවීම ඉතා වැදගත් පියවරක් බවට කමිටු සභාපතිවරයා සදහන් කර තිබේ.