ඊයේ (16) රාත්‍රියේ කළුතර ,පලාතොට,ගොඩපරගහහේන ප්‍රදේශයේදී මාර්ගයක ඇවිදයමින් සිටි පුද්ගලයකුගේ හිසට සහ ගෙල ප්‍රදේශයේට එල්ල කළ තියුණු ආයුධ පහරවල් කිහිපයකින් මාර්ගයේ ම ඇදවැටී මියගොස් ඇති බව වාර්තා වේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කළුතර ,පලාතොට ,ගොඩපරගහහේන ප්‍රදේශයේ පදිංචිව සිටි 43 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි.
පෞද්ගලික ආරවුලක් මුල් කර ගනිමින් මෙම ඝාතනය සිදුකර ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.