මැදිරිගිරිය – මිරිස්හේන ධීවර ගම්මානයේදී පෙරේදා රාත්‍රියේදී කාන්තාවක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
සැකකරු නීතිඥවරයෙකු මාර්ගයෙන් ඊයේ (16) දින පොලිසියට භාර වී ඇති අතර මොහු 42 හැවිරිදි මිරිස්හේන ගම්මානයේම පදිංචිකරුවෙකි.
ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී වෙඩි තැබීම සදහා භාවිතා කළ මෙරට නිෂ්පාදිත බෙහෙත් කොටන ලද ගිනි අවියද පොලිස් භාරයට ගෙන ඇති බව සදහන්.














































