English
සිංහල
20:09 සෙනසුරාදා, නොවැම්බර් 8, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ආබාධිත රණවිරුවන්ගේ ගිණුම් වලින් රුපියල් ලක්ෂ 65ක් වංචා කරලා.

    publisher 3 by publisher 3
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    අබේපුස්ස සිංහ රෙජිමේන්තු කදවුරේ ක්‍රියාත්මකවන අබාධිත රණවිරුවන්ගේ ගිණුම්වලින් රුපියල් ලක්ෂ 65 ක මුදලක් වංචා කර තිබෙන බවට වන පුවතක් අප වෙත ලැබී තිබේ.
    අබේපුස්ස සිංහ රෙජිමේන්තු කඳවුරේ පිහිටා ඇති මුලස්ථාන බලඇණිය වෙතින් ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී මිය ගිය අයවලුන්, වෛද්‍ය හේතුන් මත ඉවත්ව ගිය අබාධිත රණවිරුවන්, ආබාධිතව අත් පා ඇස් හා ශරීර අවයව ආදිය නැති රණවිරුවන් වෙනුවෙන් දැවැන්ත සේවයක් සිදුවේ.
    මෙම ආබාධිත රණවිරුවන්ගේ හැකියාවන් දියුණු කිරීමටත් නොයෙකුත් ව්‍යාපෘති මෙම කදවුර මගින් සිදුකරන බවත්, ඒ අතර සිංහ දිරිය පියසේ බේකරිය, බ්ලොක් ගල් වැඩපල, පොත් නිෂ්පාදනය, කොසු ඉදල් නිෂ්පාදනය, කරනවැමි හල, ජන අවන්හල සහ කන්දලම මංසන්දිය සිංහ කැපේ යන ඒවාද ක්‍රියාත්මක වේ. මේවායෙන් ලැබෙන මුදල් ඒකකයේ රේ.ආ,ස. ගිණුමේ තැන්පත් කරණ අතර ස්ථාවර තැන්පතු දමා ඒවායේ ලැබෙන ලාභ මුදල් වලින් ආබාධිත රණවිරුවන්ගේ සුභසාධන කටයුතු සිදුකරනු ලබන බවද සදහන් වේ. වැසිකිලි පහසුකම් දියුණු කිරීම, නවාතැන් පහසුකම් වැඩිදියුණු කිරීම, අත්වාරු හා රෝද පුටු ලබාදීම, මිය ගිය රණවිරු පවුල්වල සාමාජිකයන් හට නිවාස තනාදීම, ආබාධිත රණවිරුවන්ගේ නිවාස තනාදීම සහ අලුත්වැඩියා කරදීම වැනි කටයුතු සිදුකරනු ලබයි. තවද ආබාදිත රණවිරුවන්ගේ ක්‍රීඩා කටයුතු දියුණු කිරීමට හා ක්‍රීඩා භාණ්ඩ ලබා ගැනීමද සිදු කරණු ලබයි.
    එවන් විශේෂ සේවයක් සිදුකරනු ලැබූ මෙම කදවුරේ අණදෙන නිලධාරී ලෙස කටයුතු කල ලුතිනන් කර්නල් කමල් ඥානරතන නිලධාරී හිතුමතේට වංචා සහගතව කටයුතු කරමින් අබාධිත සෙබළුන්ට කිසිදු දෙයක් සිදු නොකර ස්ථාවර තැන්පතු මුදල් ලක්ෂ 45 ක් පමණ විටින් විට පසුගිය මාස කිහිපය තුල ලබාගෙන තිබෙන බව වාර්තා වේ. ලක්ෂ 10, 20 බැගින් ආපසු ලබාගෙන එම මුදල් ඔහුගේ ඔහුගේ සුබ සාධනයට වියදම් කර තිබෙන බවට ද චෝදනා කරමින් අපට අදාල තොරතුරු ලබා දී තිබේ. එසේම ස්ථාවර තැන්පතු නැවත ගැනීමේදී සිංහ රෙජිමේන්තුවෙන් හෝ මුදල් අධ්‍යක්ෂක මණ්ඩලයෙන් කිසිදු අනුමැතියක් ලබාගෙන නොමැති අතර එම මුදල් හිතුමතේට වියදම් කර ඒවාට හොර බිල් සකසා ලක්ෂ 45 ක් පමණ මුදල් වංචා කර තිබෙන බවද සදහන් වේ.
    සිංහ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජයවර්ධනගේ සමිපතයෙකු ලෙස ලුතිනන් කර්නල් ඥානරත්න කටයුතුකරන බවද සදහන් වේ. එසේම විවිධ ආකාරයෙන් කූට ලෙස මුදල් ලබාගන්න අකාරය මෙන්ම මුදල් ඉල්ලන ආකාරය පිලිබදව විවිධ සාක්ෂි ඔවුන් එකතුකර තිබෙන බවද සදහන්. වේ. හිටපු අණදෙන නිලධාරීගේ දිනක වියදම නම්, සිකරට් පැකට් 2 ක් බොනවා අරක්කු බාගයක් විතර බොනවා. සිකරට් වලට 100 x 40 = රුපියල් 4000 කි. අරක්කුවලට රුපියල් 2000 කි. ඒ අනුව දිනකට වියදම රුපියල් 6000ක් පමණ වේ. රජයෙන් පඩි ගන්නා නිලධාරියකුට ඒ පඩියෙන් ජීවත්වීමට වත් බැරිය. නිලධාරී නිවස්නයේ මාසික බිල රුපියල් 50000 කට වැඩිය එසේ නම් මේවාට මුදල් කොහෙන්ද, යන්නද ඔවුන් ප්‍රශ්නකර තිබේ.
    කණ්ඩලම මංසන්දියේ ඇති අවන්හලේ සේවය කරණු ලබන්නේ ආබාධිත සෙබළුන්ය. එහි දිනකට ආදායම රුපියල් 50000-60000ක් පමණ වේ. එහි මාසික කුලිය රුපියල් 18000කි. කැන්ටිමට බදු ගැනීම සදහා මිහිරිගම පියදාස ස්ටෝර්ස් ඇතුළුව පාන් පිටි සදහා ලක්ෂ 10 ක් පමණ ණයක් හා විදුලි බිල ගෙවීමට කියා රේ.ආ.ස. එකෙන් රුපියල් 20000ක් අරගෙන ඇති නමුත් එයද ගෙවා නැත. ආහාර සැකසීමට ගන්නා සෝයා මීට් කිලෝවක සැබෑ මිල රුපියල් 550 ක් වූවත් බිල් සාදා ඇත්තේ රුපියල් 1200 බැගිනි. පසුගිය මාස කිහිපය තුල නඩත්තු වියදම් ලෙස අ.නි. ගිණුමෙන් රුපියල් 267000ක් කපා හැර ඇත. අණදෙන නිලධාරී ගෙදර යන සෑමවිටම කැන්ටිමේ මුදල් 10000-15000ක් කැන්ටිම භාරව සිටින අයගෙන් ඉල්ලා යති. රේ.ආ.ස. ගිණුමෙන් කැන්ටිමට බඩු ගන්න මුදල් ලබාගෙන ඇති නමුත් බඩු ගෙනැවිත් නැත. තොග පොත් වල පිටි තිබුනද ඇත්තටම පිටි නැත. ජන අවන් හල ගිණුමේ ලක්ෂ 10 ක් පමණ වටිනා බිල් ඇත්තේ ON APPROAL බිලය . ඒවා සීල් තබා නිලධාරීන් අත්සන් තබා නැත. මේ බිල් හොරට හදලා අවන්හල් භාරව ඉන්න අයත් PRI එකේ ඉන්න අයත් එකතු වෙලා මුදල් ලබා ගෙන ඇත. මෙම ගිණුමේ රුපියල් ලක්ෂ 1170000ක් පමණ පාඩුවක් ඇති බවද අපට එවා තිබෙන ලිපිවල සදහන් වේ.
    රේ.ආ.ස. වෙතින් බඩු ගන්න අයදුම් පත් කපිතාන් පත්මලාල් උපකරණ පාලන නිලධාරී අත්සන් කර සල්ලි ඉල්ලුම් කරයි. එක් වරක් රුපියල් 139000.00 මුදලක් ඉල්ලුම් කර එකම අයදුම් පතට දෙවතාවක් මුදල් ලබාගෙන තිබේ.
    සිංහ සේවා සභාපති තුමිය ලෙස අනෝමා පොන්සේකා මැතිනිය ආරම්භ කරණ ලද සිංහ දිරිය පියස රණවිරුවන්ගේ හැකියාවන් දියුණු කිරීමට කල ව්‍යාපෘතිය කි.
    . මේවායෙන් ලබාගත් ලාභ මුදල් වලින් රණවිරුවන්ගේ සුබ සාදන කටයුතු කරණ ලදී. සිංහ දිරිය පියසේ බ්ලොක් ගල් ව්‍යාපෘතිය ඉන් එකකි. රේ.ආ.ස. ගිණුමෙන් මුදල් රුපියල් 150000.00 ක් ගිණුමට ලබා දුන් බව සදහන්ව ඇතත් මුදල් දුන් කෙනකු හෝ ලබාගත් අයකු නැත. ගල් කුඩු ගෙන ඒම සදහා රුපියල් 250000.00 ක බිල් දාලා (ලොරියකට රුපියල් 50000.00 බැගින්) ඇතත් ගෙනා ගල් කුඩු නම් නැත. අබේපුස්ස අවට ඇති ගල් කොරි වලින් අණදෙන නිලධාරී විසින් ආබාධිත සෙබළුන් හට නිවාස සාදා දීමට බව පවසමින් නොමිලේ ගල් කුඩු ගෙනැවිත් ඒවාටද හොර බිල් යොදා මුදල් ගෙන ඇත. අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ඥානරත්න බල තල පාවිච්චි කොට රුපියල් ලක්ෂ 8 ක පමණ මුදලක් පසුගිය මාස කිහිපය තුල කපාහැර ඇත. මේවාට කිසිදු අනුමැතියක් ලබා ගෙන නොමැත.
    සිංහ දිරිය පියසේ බේකරිය දීර්ඝ කාලයක සිට කරගෙන යන අතර ඉතාමත් හොද ලාභයක් ලබයි. නමුත් ගිණුමේ රුපියල් 360000.00 ක් පමණ හිගයක්ද ඇත. පොත් නිෂ්පාදන ව්‍යාපෘතිය රුපියල් 83000.00 ක් මුදල් රේ.ආ.ස. යෙන් අරගෙන ඇතත් ඒවා ගෙනාපු බවක්, මුදලට ගෙනා බඩුවක් හෝ බිලක් නැතිනම් මුදල් වලට සිදුවූ දෙයක් නොමැත. මැහුම් හල ගිණුමේ බඩු ගන්න රුපියල් 100000.00 ක් රැගෙන රුපියල් 69000.00 බඩු රැගෙනවිත් ඇති නමුත් ඉතිරියට සිදුවූ දෙයක් නොමැත. අනෙක් ලාභ ගන්නා ගිණුම් වලින්ද මුදල් අරගෙන හොරට බිල් සකසා ගිණුම් වලට පාඩු සිදු කොට ඇත.
    සිංහ රෙජිමේන්තුවේ සංවිධානයෙන් මුලස්ථාන බලඇණියේ ආබාධිත සෙබළුන් හට voice ලංකා ආයතනය හා එක්ව IDL ෆිනෑන්ස් වෙතින් වාරික ගෙවීමේ පදනම මත ජංගම දුරකථන 2021,2022 වර්ෂ වල ලබා දෙන ලදී. ඒවායේ වාරික මුදල් සෑම මසකම වැටුපෙන් අයකරගෙන RPI එකට ගනී. එම මුදල් රුපියල් ලක්ෂ 16 ක් පමණ ගිණුමෙන් ගත්තත් එම ආයතනයට ගෙවා නැති බවද සදහන් වේ.
    සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙතින් සිදුකරන වාර්ෂික පාලන පරික්ෂාව 2023.4.19 වන දින සිදුකර තිබෙන අතර ඒ අයට සංග්‍රහ කටයුතු සදහා රුපියල් 97000.00 ක් අ. නි. ගිණුමෙන් වියදම් කර කපාහැර ඇත. නමුත් ඒ අයට ලබාදී ඇත්තේ මාළු පාන් හා තේ එකක් පමණි. යුද හමුදා මුදල් ප්‍රතිපත්ති අනුව ගිණුමේ තබා ගත යුතු අවම මුදල් ප්‍රමාණයද ඉතිරි මුදල් දිනපතා බැංකු ගත කරණ ලෙස උපදෙස් ලබා දී ඇතත් එසේ සිදු කර නොමැත.
    මෙම බලඇණියේ හිටපු අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ඥානරත්න 2023.5.14 දින ඒකකය භාරදී යාමට කලින් ඔහුගේ කාලය තුලදී අණදෙන කාර්යාලය, සෙසු නිළ භට නිවාස, සම්මාන මුර ස්ථානය යන ස්ථාන අලුත් වැඩියා කිරීමට රුපියල් ලක්ෂ 8 ක් පමණ හා එම ස්ථාන අලුත්වැඩියාවට කියා මිහිරිගම පියදාස තොග බඩු කඩෙන් වංචනික බිල් දමා බඩු රැගෙන ඇත. පසු ගිය කාලය තුල තීන්ත ගෑම සදහා දමා ඇති බිල් සලකා බැලීමේදී මුළු සිංහ රෙජිමේන්තුවේම ගොඩනැගිලිවල ගෑමට තරම් තීන්ත මිලදී ගෙන බිල් දමා මුදල් රැගෙන නිලධාරීන් හා PRI හි සිටින අය වංචා කොට තිබේ. PRI ගිණුමේ අණදෙන නිලධාරී ගිණුමේ ලක්ෂ 21 ක් පමණ පාඩුවක් ඇත.
    2022 ඔක්තෝබර් මාසයේ යුධ හමුදා අභ්‍යන්තර විගණන කණ්ඩායමක් ගිණුම් පරීක්ෂා කර ඇතත් ඉතා සුක්ෂම ලෙස මේවා යට ගසා ඇත. මණ්ඩලයක් පත්කොට මුදල් වංචාවල් සොයා බලන අතර ඒවාටත් බලපෑම් කර නිළ බලයෙන් යට ගැසීමට උත්සාහ දරයි. බැරැක්ක භාණ්ඩ ගිණුමේ රුපියල් ලක්ෂ 4 ක් පමණ තිබුනද දැන් ඇත්තේ රුපියල් 68000.00 ක් පමණි. රණවිරුවන්ගේ ප්‍රයෝජනයට ගත් නැනෝ කැබ් රථය ඒ ගිණුමේ පාඩුව රුපියල් ලක්ෂ 8 කි. සිවිල් සේවක මහතුන් හට ලැබුණු අතිකාලදීමනා 2023 වර්ෂය සදහා රුපියල් ලක්ෂ 5 කි. මේවාට අණදෙන නිලධාරිගේ උපදෙස් මත චෙක් පත් ලබාදී ඒ සියල්ල අගරු වී තිබේ. ඔවුන් පැමිණ PRI එකේ කෝපල් සම්පත් හට මුදල් ගෙවන ලෙස බලපෑම් කළා. මේ සල්ලි ගසා කන්න හැදුවත් සිවිල් සේවක මහතුන්ගේ බලපෑම් මත කෝප්‍රල් සම්පත් 2023 මැයි ජන අවන්හලෙන් ලැබුණු මුදල් වලින් අනෙකුත් නිලධාරීන්ටත් හොරෙන් ගෙවලා දමන ලදී. අනතුරුව සේවා වනිතා ගිණුමේ ස්ථාවර තැන්පතු රුපියල් ලක්ෂ 10 ක් ඉතිරි කොට අනෙක් මුදල් වංචා කර ඇත. අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ඥානරත්න ගිණුම භාරදෙන කොට බැංකු ගිණුමේ තිබුනේ රුපියල් 8.64 කි ඔහු ඇතුළු සියලු අය හොදටම කරලා තිබුණි. රණවිරුවන්ගේ දහදිය මහන්සියෙන් කරණ ව්‍යාපෘති වලින් ගන්නා ලාභ මුදල් හම්බ කරපුවා ලක්ෂ 65 ක් පමණ නැතිවී ඇත.
    සිංහ රෙජිමේන්තු ඉතිහාසය තුල ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී දිවි පිදු රණවිරුවන් 3500ක් පමණද තුවාල ලැබූ ගණනද අතිමහත්ය. මේ සියලු අයවලුන්ගේ පාලන කටයුතු සිදුකරනු ලැබුවේ මෙම ඒකකය මගිනි. සෑම වසරකම සිංහ රෙජිමේන්තු සංවත්සරය දින වෙනුවෙන් ක්‍රියාන්විත රාජකාරියේදී මිය ගිය අයවලුන් සිහි කිරීම ස්මාරකය අභියස උපහාර පවත්වා පින්කම් සිදුකොට ආබාදිත විරුවන්හට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර සෙත්පතා උපහාර පවත්වයි. මේවා සිංහ රෙජිමේන්තු අධිපති තුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. යුද හමුදාපති තුමන් සෑමවෙලේම ආබාදිත රණවිරුවන්ගේ දුක සැප සොයා බලා ඇගයීමට ලක්කරයි. ඔහුනට අවශ්‍ය ප්‍රථිකාර ගැනීමට පහසුකම් සපයා දෙයි. කිසිදිනක ඔහුන්ව අමතක කලේ නැත. අහෝ දෙවියනි සිංහ රෙජිමේන්තුවේ ආබාධිත සෙබළුන්හට කිසිදු පිහිටක් නැත. පසුගිය වසර දෙකක කාලය තුල කිසිදු සුභ සාධනයක් සිදුව නොමැත.
    ආබාධිත රණවිරුවන්ගේ ධෛර්යෙන් දහදිය මහන්සියෙන් සිදුකරන ලද ව්‍යාපෘති වලින් ගන්නා ලාභ මුදල් අණදෙන නිලධාරී, උප අණදෙන නිලධාරී, රේ.ආ.ස. ගිණුම් භාරව ඉන්න අය හා ජන අවන්හලේ වැඩ කල අය එක්ව මුදල් වංචා කොට ගිණුම් වලින් මුදල් අරගෙන පාඩු සිදු කර සිංහ රෙජිමේන්තුව අපකීර්තියට පත් කර ඇත. රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජයවර්ධනගේ හොදම හිතවත් අණදෙන නිලධාරී ජෙනරාල්ගේ උපදෙස් මත මේවා සිදු කරනවා කියා ඔහුන්ගේ බලපුලුවම් කාර කම්ද නිළ බලයද යොදවා ආබාධිත රණවිරුවන්ගේ දාඩිය මහන්සියෙන් උපයා ගත් මුදල් රුපියල් ලක්ෂ 65 ක් පමණ වංචා සහගතව ගසා කාලා ඇත. අසරණව සිටින රණවිරුවන්ගේ එකම ඉල්ලීම නම් ඉතා සාධාරණ හා පක්ෂපාතී නිවැරදි පරීක්ෂණයක් සිදු කොට මුදල් වංචා කල අයගෙන් එම මුදල් අයකරගෙන දුෂිත නිලධාරීන්ට, සෙබළුන්ට දඩුවම් ලබා දෙන ලෙස බැගෑපත්ව ඉල්ලා සිටිමි.
    (මෙම ලිපිය සැකසෙන්නේ අපට ලබා දී තිබෙන තොරතුරුවලට අනුවය. එබැවින් මෙම ලිපියෙහි පරමාර්ථය වන්නේ යුධ හමුදාවේ යම් උසස් නිලධාරියෙක් හෝ කණ්ඩායමක් දුෂිත ක්‍රියාවලීන් සිදුකර තිබෙන්නේ නම් ඒවාට අවශ්‍ය කටයුතු කිරීම සදහාය එබැවින් අවශ්‍ය විමර්ශන සිදු කර එහි ප්‍රතිපල අපවෙත දැනුවත් කරන්නේ නම් ඒ සදහාද අවශ්‍ය ප්‍රසිද්ධිය ලබාදීමට කටයුතු කරනු ඇත.)

    Tags: ගවේෂණාත්මක පුවත්ප්‍රජා පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version