වෙළෙදපොලේ තිරිගු පිටි මිල රුපියල් 40කින් ඉහළ ගොස් ඇති බවට පළවන වාර්තා අසත්‍ය බවට අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එහි මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා සදහන් කළේ තිරිගු පිටි ආනයනය තහනම් කර ඇති මොහොතක ඩොලරයේ මිල උච්ඡාවචනය මත පිටි මිල එලෙස ඉහළ දැමිය නොහැකි බවයි.
මේ අතර, ආපනශාලා හිමියන් චෝදනා කරන්නේ බොහෝ බේකරි හිමියන් අධික මිල ගණන් යටතේ තවමත් බේකරි නිෂ්පාදන ආපනශාලාවලට ලබා දීම නිසා මිල අඩු කිරීමට නොහැකි තත්ත්වයක පවතින බවයි.