ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල යළි ශක්තිමත් වී ඇති බව වාර්තා වේ.
පසුගිය සිකුරාදා එහි විකුණුම් මිල රුපියල් 319 යි ශත 66ක් ලෙස දැක්වුණු අතර ,අද එය රුපියල් 315යි ශත 12ක් ලෙස සටහන්ව තිබේ.
ඩොලරයක ගැනුම් මිල දැක්වුණේ 297යි ශත 53ක් ලෙස වන අතර පසුගිය සිකුරාදා එය රුපියල් 300යි ශත 51ක් ලෙස සටහන් වූ බව සදහන්.














































