හෝමාගම නියදගල ප්‍රදේශයේදී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කර ඇති බව වාර්තා වේ.
පොලිසිය පැවසුවේ අදාළ පුද්ගලයා සිය නිවසේ සිටියදී නාදුනන පුද්ගලයින් පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇති බවයි.
වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සදහා හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව සදහන්.
මියගොස් ඇත්තේ 45 හැව්රිදි නියදගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පළා ගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා හෝමාගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශණ ආරම්භ කර ඇති බව සදහන්.














































