හගුරන්කෙත කලාප අධ්‍යාපන කාර්යාලයට අයත් පාසල් 69ක් සදහා ගුරුවරුන් 190 කගේ පුරප්පාඩු පවතින බවට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා නිලන්ති විජේතුංග මහත්මිය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එමෙන්ම සාමාන්‍ය පෙළ හා උසස් පෙළ හදාරන දරුවන් පාසල් නොයා පෞද්ගලික පංති සදහා සහභාගි වන බවත් තවත් පිරිසක් සම්පූර්ණයෙන් ම පාසල් ගමන නවතා නිවසටම වී සිටින බවත් අධ්‍යක්ෂකවරිය ප්‍රකාශ කර තිබේ.
ඇය මෙම අදහස් ප්‍රකාශ කර ඇත්තේ පසුගිය 19 වැනිදා හගුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායකගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබූ සම්බන්ධීකරණ කමිටුවේදීය.














































