කිතුල්උතුව මාර්ග බාධකයේ දී රන් කැබලි තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙක් අග්බෝපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
ඊච්චල්ම්පත්තුව ප්‍රදේශයේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි දෙදෙනෙකු කිතුල්උතුව මාර්ග බාධකයේ දී නවතා පොලිස් නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමේදී ඔවුන් සතුව තිබියදී රන් කැබලි 404 ක් සොයා ගත් බව සඳහන්.
රුපියල් ලක්ෂ 4 කට මොවුන් විසින් අග්බෝපුර ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් මිලදී ගත් බව පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරුවන් ප්‍රකාශ කර තිබේ.














































