English
සිංහල
10:43 බදාදා, සැප්තැම්බර් 24, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    රාජ්‍ය භාෂාව සහ ශිෂ්ටත්වය

    NN. Niluka by NN. Niluka
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    හිටපු අගමැති එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ දියණිය සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මිය කළ ප්‍රකාශයක්ද සම්බන්ධ කරගනිමින් මේ දිනවල සමාජ මාධ්‍යයේ දිග හැරී ඇති සංවාදයක මතු වී ඇති එක් අදහසක් වන්නේ බණ්ඩාරනායක මහතා සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම නැමැති 1956 දී සිදුකරන ලද “මහා දේශපාලන වරද” නිසා අපට ඉංග්‍රීසි ඉගෙන ගැනීමට තිබූ අවස්ථාව මග ඇරුණ බවද ඉංග්‍රීසිය ඔස්සේ ලබා ගත හැකිව තිබූ ‘බටහිර සංස්කෘතික ශිෂ්ටත්වය’ ජාතියක් ලෙස අපට අහිමි වූ බවය. මෙය අලුත් අදහසක් නොවේ. සිංහලය රාජ්‍ය භාෂාව වූ දිනයේ සිට විට්න් විට ඉස්මත්තට එන හෝද හෝදා මඩේ දමන කිසිම ඓතිහාසික පදනමක් නැති මතිභ්‍රමයකි.මේ ලිපිය ලියන්නේ රාජ්‍ය භාෂා ප්‍රශ්නායේ ාඑතිහාසික පදනම ගැන යම් අදහසක් ඉදිරිපත් කිරීමටය.

    බණ්ඩාරනායක මහතා අතින් සිදු වූ මහා දේශපාලන වරද නම් සිංහලය රාජ්‍ය භාෂාව නොකර සිටීම නොසිටීම නොව ඒ සමගම දෙමළ භාෂාවද රාජ්‍ය භාෂාවක් නොකර සිටීමය. එමගින් මේ රාජ්‍ය සාධාරණය හා යුක්තිය ගරු නොකරන රාජ්‍යයක් බව ආරම්භයේදීම මුලු ලෝකයටම පෙන්වා දීමය.

    රාජ්‍ය භාෂා ප්‍රශ්නය දෙස අප බැලිය යුත්තේ දහනවන සියවස අගභාගයේ පමණ සිට මතු වූ භාෂානුරාගී ජාතිකවාදී ව්‍යාපාරය විසින් මතුකරන ලද දේශපාලන කොන්දේසිද සැළකිල්ලට ගනිමින් මිස හුදෙක්1956 දී කඩාපාත්වූ හෙනගෙඩියක් ලෙස නොවේ. මේ භාෂානුරාගී ව්‍යාපාරය පිළිබඳ සෑහෙන ඓතිහාසික දැණුමක් මේ වන විට කේ.එන්. ඕ ධර්මදාස, නිර්මාල් රන්ජිත් දේවසිරි හා සඳගෝමී කෝපරහේවා වැනි වියතුන් විසින් තම පර්යේෂණ මගින් සම්පාදනය කර ඇත.ඒ්වා හැදෑරීම මේ සංවාදයට ප්‍රයෝජනවත්ය.

    යටත් විජිත වශයෙන් පැවැති රටවල් නිදහස ලබා ගනිද්දී ඒ රටවල රාජ්‍ය භාෂාව විය යුත්තේ කුමක්ද යන්න අප රටේ පමණක් මතු වූ ගැටලුවක් නොවේ.අසල්වැසි ඉන්දියාවේද මේ ප්‍රශ්නය මතු වූ ආකාරය ඉතිහාසඥ රාමචන්‍ද්‍ර ගුහා සිය ‘India after Gandhi, The History of the World’s Largest Democracy නම් කෘතියේ මැනවින් පෙන්වා දී ඇත (117-120 පිටු). අප රටේ මේ සාකච්ඡාව මතුවූයේ ඩොනමෝර් ආණ්ඩුක්‍රම යුගයේදීමය. එකල මතු වී තිබූ ස්වභාෂා ව්‍යාපාරය එයට හේතුවිය. අධ්‍යාපනයේ භාෂා මාධ්‍යය කුමක් විය යුතුද යන ප්‍රශ්නය වටා මතු වූ මේ ප්‍රශ්නය ඩොනමෝර් යුගය අවසාන වනවිට ලංකාවේ අධ්‍යාපනය ඇතුලු රජයේ කටයුතු කරගෙන යා යුත්තේ කවර භාෂාවෙන්ද යන සාකච්ඡාව දක්වා විකාශනය වී තිබිණි. මේ සම්බන්ධයෙන් පොදු ප්‍රතිපත්තියක් සකසා ගැනීමට, ජී.කේ. ඩබි.පෙරේරා (මාතර මන්ත්‍රී ). අධ්‍යාපන ඇමති සි. ඩබි.ඩබි. කන්නන්ගර, ජේ ආර් ජයවර්ධන, එස් නල්ලය්යා,පිලිප් ගුනවර්ධන යනාදී විවිධ දේශපාලන හා ජනවාර්ගික ධාරාවන්ට අයත් දේශපාලන නායකයන් මැදහත් වී කටයුතුකළ අතර 1948 වන විට සියලු දෙනාම පිළිගත් පොදු ප්‍රතිපත්තිය වූයේ සිංහල-දෙමළ භාෂා දෙකටම සමතැන දිය යුතුය යන ප්‍රතිපත්තියයි. 1951 බිහි වූ ශ්‍රි.ලංකා නිදහස් පක්ෂයද එම ප්‍රතිපත්තිය වෙනස් කළේ නැත.
    අවාසනාවකට මෙන් 1947
    ලංකාණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කරද්දී ව්‍යවස්ථාවට ඇතුළත්විය යුතුව තිබූ වැදගත් අංගයක් වන රාජ්‍ය භාෂාව යන්න ව්‍යවස්ථාවට ඇතුළත් නොකිරීමට ඩි.එස් සේනානායක මහතා ඇතුලු නායකයෝ කටයුතු කළහ. සාමාන්‍යයෙන් කියවෙන්නේ පොදු නීතිය ඔස්සේ සාමාන්‍ය පනතක් මගින් රාජ්‍ය භාෂාව පිළිබඳ ඒ වන විටත් පිළිගෙන තිබූ සිංහල- දෙමළ දෙභාෂාවටම සමතැන් දීමේ ප්‍රතිපත්තිය බලගැන්වීමට එජාප නායකයින් බලාපොරොත්තුව සිටි බවයි.

    1951 දී එ.ජා.ප.රජය විසින් ජාතික භාෂා කොමිෂන් සභාවක් පත් කරනු ලැබුවේ 1944 සිට රාජ්‍ය මන්ත්‍රණ සභාව විසින් ප්‍රතිපත්තියක් ලෙස පිළිගෙන තිබූ සිංහල දෙමළ දෙබසටම රජයේ කටයුතුවලදී සමතැන් දීමේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ක්‍රමවේද හදුනාගෙන නිර්දේශ කිරීමටය.

    මේ වන විට සිංහල භාෂානුරාගී ව්‍යාපාරය සාමාන්‍ය භාෂා ජාතික ව්‍යාපාරයක සිට භාෂා ස්වෝත්තමවාදී ව්‍යාපාරයක් බවට පත්වෙමින් තිබිණි. දෙමළ නැතිව සිංහලය පමණක් රාජ්‍ය භාෂාව විය යුතු යැයි මේ භාෂා ව්‍යාපාරයේ නිමග්නවී සිටි පිරිස මහහඬින් ප්‍රකාශ කළහ. එහෙත් බණ්ඩාරනායක මහතාගේ නායකත්වයෙන් 1951 පිහිටවන ලද ශ්‍රි.ල.නි.ප ය මේ ආරම්භයේදී මේ අදහස දැරුවේ නැත. නමුත් රජය පත් කළ ජාතික භාෂා කොමිසම 1953 දී එහි අවසාන වාර්තාව ඉදිරිපත් කරද්දී එහි සභාපති වරයා වූ විනිසුරු ආතර් ව්ජේවර්ධන ඉදිරිපත් කළ පුද්ගලික මතයක් නිසා එතෙක් රටේ පිළිගත් භාෂා සමතැන් ප්‍රතිපත්තියට මරු පහරක් එල්ලවිය. ආතර් විජේවර්ධනගේ මතය වූයේ භාෂා දෙකක් රාජ්‍ය භාෂාව කිරීම ප්‍රායෝගික නොවන බවත් එක් භාෂාවක් පමණක් රාජ්‍ය භාෂාව කිරීම ප්‍රායෝගික බවත්ය. ඒ එක් භාෂාව ලෙස ඔහු අදහස් කළේ සිංහලයයි.

    භාෂා ස්වෝතත්මවාදීන්ට මේ අදහස පණින රිලවුන්ට ඉනිමං බැඳීමක් වැනි විය. ඉන්පසු 1954 සිට ඇති වූයේ සිංහල පමණක් ඝෝෂාවය. ශ්‍රී.ල.නි.ප. කරනමක් ගසා සිංහල පමණක් ප්‍රතිපත්තිය වැළදගති. එ.ජා.පයේ නායක කොතලාවල මහතාද ” පැය විසි හතරෙන්” සිංහලය රාජ්‍ය භාෂාව කිරීමේ ප්‍රතිපත්තියට පැන්නේය. 1955 දීත් භාෂා සමතැන් ප්‍රතිපත්තියේ සිටි සමසමාජ පක්ෂයද සිංහල පමණක් ප්‍රතිපත්තිය පිළිගෙන සිටි බණ්ඩාරනායක මහතා නායකත්වය දුන් දේශපාලන සංධානය සමග නිතරග මැතිවරණ ගිවිසුමකට එළඹිණි.1956 දී බණ්ඩාරනායක නොව කොතලාවල ජයගත්තද සිංහලය පමණක් රාජ්‍ය භාෂාව වීමට ඉඩ තිබිණි

    රටට නායකයන් අවශ්‍ය වන්නේ ජනප්‍රිය රැල්ලේ පීනිමට නොවේ. අලුතින් නිදහස ලබනා රාටේ රාජ්‍ය භාෂාව සවදේශික ජනයා වහරන භාෂාව බවට පත් කළ යුතු යැයි යන ඉල්ලිීම ජනප්‍රිය ඉල්ලීමක් මෙන්ම නිවැරදි ඉල්ලීමකි.එය පිළිගැනීමද දේශපාලන වශයෙන් නිවැරදිය. සිංහල ජනයා ජිවත් වන එකම රටේ බහුතර ජනයා වන ඔවුන්ගේ භාෂාව රාජ්‍ය භාෂාව කිරීම කවර වරදක්ද.? දෙමළ බස කතා කරන ජනයා ලොව රාජ්‍ය ගණනාවක සිටින නමුත් ඒ මනරම් භාෂාවටද ගෛෟරවාන්විතව රාජ්‍ය භාෂා තත්වය ලබා දුන් එකම රට බවට 1956 දීම අපට හැකි වූයේ නම් එය කෙතරම් අසිරියක්ද ?

    ඒ අසිරිය 1956 දී සිදුනොවිණි. ඒ වන විටත් පිළිගෙන තිබූ පොදු ප්‍රතිපත්තියක් කඩා බිඳ දමා ස්වොත්තමවාදී ප්‍රතිපත්තියකට යටවීමට තරම් දේශපාල අධිෂ්ඨානය දියාරු කරගැනීම බණ්ඩාරනායක මහතා කෙරෙන් පෙන්නුම් කළ දුබලතාවයි. ජාතික භාෂා ගණනාවක් ඇති රටක රාජ්‍ය භාෂා ප්‍රශ්නය විසඳා ගන්නවාට වඩා පහසුවෙන් ජාතික භෂා දෙකක් වහරන රටක රාජ්‍ය භාෂා ප්‍රශ්නය විසඳා ගත හැකිය. ඒ දෙබසටම රාජ්‍ය භාෂා තත්වය ලබාදීමෙනි. එය භාෂා කළමනාකරණ විෂයයහිද පිළිගැනෙන මූලධර්මයකි. විශාල වන්දියක් ගෙවීමෙන් පසුව වුව දෙමළ බස රාජ්‍ය භාෂාව කිරීමෙන් මේ රාජ්‍යට. අමුතු හානියක් අවැඩක් සිදු වී නැති බව අපි අද අද්දැකීමෙන් දනිමු. අප සාමාන්‍යයෙන් ශක්තිය හමුවේ යුක්තිය අමතක කිරීම පුරුද්දක් ලෙස කරන්නේදැයි ප්‍රශ්න කිරීම වටී.

    ආචාර්‍ය කරුනාරත්න පරනවිතාන

    හිටපු නියෝජ්‍ය අමාත්‍ය

    Tags: විශේෂාංග
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ.

    මාර්තු 15, 2024
    ආගමික

    ශ්‍රී පාදෙ ගිය රස්තියාදුකාර තරුණයෝ 23 ක් අත් අඩංගුවට!.

    පෙබරවාරි 23, 2024
    අධ්‍යාපන

    රනිල්ගේ හිඟා කෑම සහ ගැට නොවැටීම!. ජනපතිට නැවත ජනපති විය නොහැක!

    පෙබරවාරි 16, 2024
    රාජ්‍ය පරිපාලන

    රත්නපුරේ ඇමතිට එරෙහිව ගම්පොළ මහජන විරෝධයක් !

    පෙබරවාරි 16, 2024
    විදේශීය පුවත්

    ”CEYONESE CRAB ” සිංගප්පූරුවට ශ්‍රී ලාංකේය ආහාර කලාව හඳුන්වා දෙයි.

    පෙබරවාරි 4, 2024
    පුරාවිද්‍යා

    මහා විජයබාහුගේ සටන් බිම මානාවුළුපුර

    ජනවාරි 4, 2024
    විශේෂාංග

    පී. චන්ද්‍රසේකරන් මහතා වෙනුවෙන් ගුණානුස්මරන උළෙලක්

    දෙසැම්බර් 31, 2023
    ආරක්ෂක අමාත්‍යාංශය

    විශ්‍රාමික හමුදා නිලධාරියෙක් තනතුරුවලට පත්කිරීමේ භයානක කම සහ ආරක්ෂක ලේඛම්ගේ අයහපත් හැසිරීම.

    දෙසැම්බර් 30, 2023
    විශේෂාංග

    නැවත සොයා ගත් ” මොනාලිසා “

    දෙසැම්බර් 29, 2023
    තරුණ සහ ප්‍රජා පුවත්

    ඉලක්කයක්, දැක්මක්, කැපකිරීමක් නැති අපේ තරුණයන්ට, අපේ තරුණයෙක්ගෙන්ම පාඩමක්

    දෙසැම්බර් 22, 2023
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version