ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් 100 දෙනෙකුගේ පමණ හිගයක් පවතින බව වාර්තා වේ.
රෝහලේ අනුමත වෛද්‍යවරු සංඛ්‍යාව 556 ක් වුවත් දැනට එහි සිටින්නේ වෛද්‍යවරු 460 දෙනෙකු බැවින් එහි රෝගී සත්කාරක සේවා පවත්වාගෙන යාම ගැටලුවක් බවට පත් වී ඇති බව සදහන්.
එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එස්.පී.යූ.එම්. රංගගෙන් මේ පිළිබඳව කළ විමසීමකදී ප්‍රකාශ කළේ ඇතැම් වෛද්‍යවරුන් විදේශ ගත වීම මීට හේතු වී ඇති බවයි.
රෝහලේ අලුතින් ඉදිකර ඇති ශල්‍යාගාරය සහ දැඩි සත්කාර ඒකකයක් විවෘත කිරීමට නොහැකි වී ඇත්තේද වෛද්‍යවරුන්ගේ හිගය නිසා බව සදහන්.














































