අඹන්පොළ ආගරේ ප්‍රදේශයේ කොටන තුවක්කුවක් ක්‍රියාත්මක වීමෙන් පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
මෙම දරුවා තම දෙමව්පියන් විසින් පොල් වගා කර තිබෙන , ආගරේ ප්‍රදේශයේ පිහිටි ඉඩම වෙත ගොස් ඇති අතර එහි තිබූ පැලේ දරුවාව නතර කර මව සහ පියා ඒ අසල පිහිටි ගොයම් වගා කර ඇති කුඹුරේ පැලට ගොස් තිබේ.එම අවස්ථාවේ දී පොල් වගා කරන ඉඩම දෙසින් වෙඩි ශබ්දයක් ඇසී ඇති අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කර බැලීමේ දී තුවාල සහිතව තම දරුවා සිටින බව නිරීක්ෂණය වී තිබේ.ඒ ආසන්නයේ කොටන තුවක්කුවක් තිබී ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලින් හෙළිව තිබේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කැත්තපහුව , අඹන්පොළ ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවෙක් බව සඳහන් වේ.














































