ගැටලුකාරි තත්ත්වයකට පත්ව ඇති නිර්වින්දන ඖෂධය කිසිදු අවස්ථාවක ළමයින් සදහා භාවිතා නොකළ බවට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එම ඖෂධය වැඩිහිටියන් සදහා පමණක් භාවිතා කරන බවට ඔහු ප්‍රකාශ කර තිබේ.
පේරාදෙණිය බණ්ඩාරනායක ශික්ෂණ ළමා රෝහලේ සහ පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී සිදුකළ ශල්‍යකර්ම අතරතුර නිර්වින්දනය කිරීම සදහා ලබාදුන් ඖෂධ හෝ එහි උපකරණවල පවතින ගැටලුකාරි තත්ත්වය හේතුවෙන් කුඩා දරුවෙකු ඇතුළු හතර දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව සදහන්.














































