යාපනය දිස්ත්‍රික්කය තුළ වගා කරන ඇඹුල් කෙසෙල් ඩුබායි වෙත සතියකට වරක් අපනයනය කිරීමෙන් යාපනයේ ගොවීන් හට ඩොලර් ලක්ෂයක මුදලක් උපයා ගත හැකි බව කෘෂිකාර්මික ව්‍යාපෘති පිළිබඳ උතුරු පළාත් නිලධාරීන් සමඟ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී අනාවරණය වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව එම අදායම ලක්ෂ පහ දක්වා වැඩි කිරීමට ඉලක්ක කර ඇති බවත් , උතුරු පළාතේ ඉඩම් අක්කර 8000ක් හදුනාගෙන තරුණ ව්‍යවසායකයන් වෙත පවරා නව තාක්ෂණය ඔස්සේ කෘෂිකාර්මික ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා පළාත් ආණ්ඩුකාරතුමියගේ උපදෙස් ලැබී ඇති බවත් උතුරු පළාත් ප්‍රධාන ලේකම් එස්.එම්.සමන් බන්දුලසේන මහතා ප්‍රකාශ කළ බව සඳහන්.
එමෙන්ම අක්කර 100ක මිරිස් වගා කර උතුරු පළාතේ මිරිස් අවශ්‍යතාව සපුරා ගැනීමට කටයුතු කරන බවත් , ගස්ලබු , අඹ සහ පැෂන්ෆෘට් යන පලතුරු විදේශ වෙළඳපොළ වෙත යොමු කිරීම සඳහා සැලසුම් කර ඇති බවත් වාර්තා වේ.













































