මෙරට ප්‍රබලතම පාතාල නායකයෙකු ලෙස හඳුනාගෙන ඇති”හරක් කටා” නැමැති පුද්ගලයා විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතාට කෝටි පහක මුදලක් මෑතක දි ලබා දී ඇති බවට අනාවරණය වේ.
ඔහුගේ මවගේ අවමඟුල සිදුවීමෙන් පසු ඒ සඳහා වියදම් කිරීමට මෙම මුදල ලබා දී ඇති අතර ඔහුගේ ඩුබායි හි පවතින ගිණුමට මෙම මුදල් බැරකොට ඇත්තේ දැනට ඩුබායි හී ජීවත් වන හරක් කටාගෙ බිරිඳ විසින් බව ද පැවසේ.
ඒ අනුව මෙම තොරතුරු අනාවරණය කරනු ලබන්නේ මෙරට ප්‍රමුඛ යු ටියුබ් නාලිකාවක් වන “එස් එල් දේශය “නම් නාලිකාවේ සාකච්ඡාවකට එක් වු ශ්‍රී ලංකා පොලීසිය දේශපාලනයෙන් මුදවා ගැනීමේ ජාත්‍යන්තර සංවිධානයේ සභාපති අජිත් ධර්මපාල මහතා විසින් වන අතර මෙම තොරතුරු සත්‍ය බව සනාථ කිරිමට අවශ්‍ය සාක්ෂි ද එතුමා සතු බවද වැඩිදුරටත් සඳහන් කර තිබේ.
මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීම සදහා පහත වීඩියෝව නරඹන්න.













































