අගෝස්තු මාසයෙන් පසු මෙරට පාලනයේ තීරණාත්මක වෙනසක් සිදු වන බව ශ්‍රී පාද රක්ෂිතයේ වැඩ වසන වනවාසී ලේල්වල සද්ධාජීව හිමියන් පවසති.
අන්තර්ජාල නාලිකාවක් සමඟ විශේෂ සංවාදයකට එක් වෙමින් උන්වහන්සේ සඳහන් කර තිබෙන්නේ හමුදාවට වැඩි බලයක් හිමි පාලන ක්‍රමවේදයක් නිර්මාණය වනු ඇති බවයි.
එතැන් සිට ජනතාවට රට ස්වයංපෝෂිත කිරීම වෙනුවෙන් විශාල කැප කිරීමක් සිදු කිරීමට වනු ඇති බව ද උන්වහන්සේ මෙහි දී පෙන්වා දී තිබෙනවා.
ප්‍රජාතන්ත්‍රවාදය පල් හොරුන් රකින හුදු වචනයක් පමණක් බවත් සත්‍ය වශයෙන් ම ප්‍රජාතන්ත්‍රවාදය යනු කුමක් දැයි ජනතාව අවබෝධ කර ගත් පසු ජනතාව විසින් පාලකයින් බලයෙන් නෙරපා දමනු ඇති බවත් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.














































