පාලන මිලට වඩා අධික මිලකට බිත්තර අලෙවිකළ සමාගමකට සහ තවත් වෙළෙඳසැල් දෙකකට මාතර මහේස්ත්‍රාත් අධිකරණය මඟින් දඩ නියමකර ඇති බව වාර්තා වේ.
ඒ අනුව අදාළ සමාගමට රුපියල් ලක්ෂ 5ක දඩයක් නියමකර ඇති අතර අනෙක් වෙළෙඳසැල් දෙකට රුපියල් ලක්ෂය බැගින් දඩ නියමකර ඇති බව සදහන්.
පාරිභෝගික අධිකාරියේ මාතර දිස්ත්‍රික් කාර්යාල නිලධාරීන් විසින් බිත්තර වැඩි මිලට අලෙවි කිරීමේ ස්ථාන සොයා සිදුකළ වැටලීමකින් අනතුරුව අදාළ ව්‍යාපාරික ස්ථාන තුනට එරෙහිව නඩු පවරා තිබුණි.
ඉදිරියේදීත් බිත්තර පාලන මිලට වඩා අධික මිලට අලෙවිකරන ස්ථාන සොයා මෙහෙයුම් සිදුකරන බවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ප්‍රකාශ කළ බව වාර්තා වේ.














































