ප්‍රේමයේ නෞකාව නොහොත් ගිලි ගිය ටයිටැනික් නෞකාව බලන්න ගිය ටයිටැන් සම්මැරීනය පිපිරීමකින් මිය ගිය බව විදේශ මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ අනුව ටයිටැනික් නෞකාව නැරඹීම සඳහා සාගර පත්ලේ අඩි 13,000ක් කිමිදෙමින් සිටි ටයිටන් සංචාරක සබ්මැරීනයේ මගීන් පස්දෙනා මෙසේ “ව්‍යසනකාරී පිපිරීමකින්” මිය ගොස් තිබේ. ලොව ප්‍රසිද්ධම නැව සුන්බුන් වූ ස්ථානය අසල දින පහක කාලයක් සිදුකළ සෝදිසි මෙහෙයුම්වලින් අනතුරුව මේ බව දැනුම්දී තිබේ.
ටයිටැනික් නෞකාවේ සිට අඩි 1,600 ක් පමණ දුරින්, උතුරු අත්ලාන්තික් සාගරයේ ගැඹුරින් සහ මැසචුසෙට්ස් හි කේප් කෝඩ් සිට නැගෙනහිරින් 900 ක් පමණ දුරින් සබ්මැරිනයක වලිග කේතුව සහ අනෙකුත් සුන්බුන් සොයාගෙන තිබේ. මේ අතර සුප්‍රසිද්ධ ටයිටනික් චිත්‍රපටයේ අධ්යක්ෂ ජේම්ස් කැමරන් බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේ ටයිටන් සබ්මැරීනයේ විනාශවීම ගවේෂකයන්ට අහිතකර ලෙස බලපානු ඇතැයි තමා කනස්සල්ලට පත්ව සිටින බවයි.
ලොව පුරා මේ වන විට අපට දක්නට ලැබෙන්නේ විවිධ විනාශ වීම් පමණි. මානව සංහතියේ යහ පැවැත්ම වෙනුවෙන් කිසිවක් සිදුවන බවක් අපට දක්නට නැත. විද්‍යාව තුළින් සොයාගන්නා නව නිපැයුම් මානවයාගේ පැවැත්මට එරෙහිව භාවිතාවීම දක්නට ලැබේ. එවන් අවධියක නවීන විද්‍යාව තුළින් වුවත්, විශ්වාසයෙන් යුතුව සාගර පත්ලේ කිමිදිය නොහැකි බවත් නැවතත් අවධාරණය කිරීමට මෙම පිපිරිම සමත්විය.















































