අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට එරෙහිව නඩුවක් ගොනු කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ඊයේ (22) අභියාචනාධිකරණයෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.
අධිකරණයේ රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට එරෙහිව විභාග වෙමින් පවතින , තවමත් තීන්දුව දී නොමැති නඩුවක් සම්බන්ධයෙන් පෞද්ගලික විද්‍යුත් වැඩසටහනකදී සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මෙලෙස නඩුවක් ගොනු කරන ලෙස අභියාචනාධිකරණයෙන් ඉල්ලීමක් සිදු කර ඇති බව සදහන්.
නමුත් තමාට එරෙහි නඩුවක තීන්දුව ප්‍රකාශ කිරීමට මත්තෙන් පැමිණිලිකරු මුදල්වලට ගෙන ඇති බව ඩයනා ගමගේ මන්ත්‍රීවරිය විසින් එම මාධ්‍යයට ප්‍රකාශ කර ඇති අතර ඉන් අධිකරණයට අපහාසයක් සිදුව ඇති බව පවසමින් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මන්ත්‍රීවරියට එරෙහිව නඩුවක් ගොනු කරන ලෙස මෙලෙස අභියාචනාධිකරණයෙන් ඉල්ලීමක් සිදු කර ඇති බව වාර්තා වේ.













































