කීර්තිබණ්ඩාරපුර පොලිස් ස්ථානාධිපතිට ලද තොරතුරකට අනුව මුව මස් , ඌරු මස් , ගෝන මස් , මදන මෝදක , ගංජා සමග ව්‍යාපාරිකයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
මෙම සැකකරුවන් පිරිස වෑන් රථයකින් ගමන් කරමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර මොවුන් සන්තකයේ තිබී මස් කිලෝ ග්‍රෑම් දහයකට අධික ප්‍රමාණයක් , මදන මෝදක 10ක් , ගංජා ග්‍රෑම් 50ක් සොයා ගත් බව සඳහන් වේ.
මොවුන් අද (23) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.














































