එක් දිනකට අනතුරු හේතුවෙන් මෙරට පුද්ගලයින් 32 ත් 35 ත් අතර පිරිසක් මිය යන බවත් , සෑම පැය 3 කටම වරක් ජීවිත 4 ක් අහිමි වන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අනතුරු වැළැක්වීම කළමණාකරණය කිරීමේ අංශයේ ප්‍රධාන විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එමෙන්ම වර්ෂයකට 10,000 ත් 12,000ත් අතර පිරිසක් අනතුරු හේතුවෙන් ජීවිතක්ෂයට පත් වන බවද ඔහු සඳහන් කර තිබේ.














































