පොලිස් විශේෂ කාර්‍ය බලකා නිලධාරීන්ගේ වෙඩි පහරින් මිය ගිය සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ගණිඳු සඳුමිණ තැනැත්තා මිනුවන්ගොඩ ඝාතනය සඳහා යොදා ගත් ටී 56 ගිනිඅවිය සොයා ගත් බව වාර්තා වේ.
පොලිස් විශේෂ කාර්‍ය බලකා නිලධාරීන්ට ලද තොරතුරුකට අනුව මිනුවන්ගොඩ , වෑගොව්ව , ගෝල්ඩන්සිටිවත්ත ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු වන නුරේෂ් සුපුන් දයාරත්න හෙවත් හීනටියන මහේෂ් සහ අවිශ්ක යන අයගේ සමීපතමයෙකු අත්අඩංගුවට ගත් අතර ඔහු සන්තකයේ තිබී ටී 56 ගිනි අවියක් සහ උණ්ඩ 3ක් සහිත පතොරොම් ගැබක් පොලිස් භාරයට ගෙන තිබේ. මෙම ගිනි අවිය පසුගිය 17 වන දින මිනුවන්ගොඩ , බොරගොඩවත්ත ප්‍රදේශයේ දී සිදු වූ වෙඩි තැබීමට යොදා ගත් ගිනි අවිය බව අනාවරණය වූ බව සඳහන් වේ.