බ්‍රිතාන්‍යයේ සහ ප්‍රංශයේ සිදුකළ නිල සංචාරය අවසන් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (26) උදෑසන දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ.
ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස අද (26) උදෑසන 09.10ට එම්රේට්ස් ගුවන් සේවයේ ඊ.කේ- 650 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපළට පැමිණ තිබේ.
ජනාධිපතිවරයාගේ පැමිණීම වෙනුවෙන් අද අලුයම 05.30 සිට එම ප්‍රදේශයේ සහ කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය අවට ප්‍රදේශයේ දැඩි ආරක්ෂාවක් යොදවා තිබූ බව සදහන්.