කොකේන් මත්ද්‍රව්‍යයේ ඉල්ලුම සහ සැපයුම ලොව පුරා වර්ධනය වෙමින් පවතින බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එමෙන්ම මෙතම්ෆෙටමින් හෙවත් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය ඇෆ්ගනිස්තානයෙන් ඔබ්බට යමින් වෙනත් රටවලද සිදුවන බවට එම සංවිධානය ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව ලොව පුරා අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය වලින් සියයට 90ක ප්‍රමාණයක් සොයාගෙන ඇත්තේ නැගෙනහිර ආසියාව සහ උතුරු ඇමරිකාවෙන් බව සදහන්.














































