ඉකුත් වර්ෂයේ මැයි 9 වන දින ගෝඨා ගෝ ගම අරගලකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුළු වූ අවස්ථාවේදී එහි තිබී රුපියල් එක් කෝටි හැත්තෑ අට ලක්ෂයකට අධික මුදලක් සොයා ගැනීමේ සිද්ධියට අදාළව සැකකරුවෙකු වශයෙන් පෙනී සිටින ලෙස දන්වමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත නිකුත් කර තිබූ සිතාසිය බල රහිත කරමින් අභියාචනාධිකරණයට රිට් ආඥාවක් නිකුත් කළ බව වාර්තා වේ.
දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමට තීන්දුව ලබා දෙමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය අද (26) දින නිකුත් කළ බව සඳහන් වේ.
එමෙන්ම ඉකුත් වර්ෂයේ මැයි 9 වන දා ගාලු මුවදොර ගෝඨා ගෝ ගම අරගලයට පහර දීමේ සිද්ධියට අදාළව ද සැකකරුවෙකු ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා නම් කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් නිකුත් කළ ලිපියක් අභියාචනාධිකරණය විසින් බල රහිත කරමින් රිට් ආඥාවක් නිකුත් කළ බව වාර්තා වේ.