මේ වන විට පවතින ත්‍රිපෝෂ අර්බුදය හේතුවෙන් මාස 6 – අවුරුදු 3 අතර දරුවන්ගේ පෝෂණ ගැටලු ඉහළ ගොස් ඇති බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එමෙන්ම මෙරට උද්ගතව ඇති ආර්ථික අර්බුදය හේතුවෙන් ගැබිණි මව්වරුන් , කිරිදෙන මව්වරුන් සහ අවුරුදු 5ට අඩු දරුවන් සඳහා අමතර ආහාරයක් ලෙස ලබා දෙන ත්‍රිපෝෂ නොලැබීම දරුවන්ගේ මන්ද පෝෂණය ඉහළ යාමට හේතුව වී ඇති බවත් , මෙරට වයස අවුරුදු 5 ට අඩු දරුවන් අතර මන්දපෝෂණ ප්‍රතිශතය 50% ක් බවත් , ඇතැම් ප්‍රදේශවල මෙම ප්‍රතිශතය 50% ඉක්මවා ඇති බවත් ඔහු වැඩි දුරටත් පෙන්වා දී තිබේ.














































