අයවැය කටයුතු සඳහා අවශ්‍ය අරමුදල් සපයා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සහ ලෝක බැංකුව එකඟතාවයකට පැමිණීමට නියමිතව තිබෙන අතර එයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව වාර්තා වේ.
මෙම එකඟතාවයෙන් ලෝක බැංකුව හරහා මෙරටට ඩොලර් මිලියන 500ක් ලැබීමට නියමිතව තිබෙන බව සඳහන් වේ.
එමෙන්ම පසුගිය මාර්තු මාසයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් පසු මෙරටට ලැබුණු විශාලතම මූල්‍ය සහය මෙය බවත් , ලෝක බැංකුව විසින් මෙරටට ඩොලර් මිලියන 700ක මුදලක් ලබා දීමට අනුමත කර ඇති බවත් , ඉතිරි ඩොලර් මිලියන 200 සමාජ ආරක්ෂණ කටයුතු සඳහා යෙදවීමට අපේක්ෂිත බවත් වාර්තා වේ.













































