වාකරේ කට්ටමුරි කැලෑ ප්‍රදේශයේ බඳින ලද තුවක්කුවක් සක්‍රීය වී 14 හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
මෙම දරුවා තම ඥාතීන් පිරිසක් සමඟ දඩයමේ යන විට ඔවුන් විසින් බඳින ලද තුවක්කුව මෙලෙස සක්‍රීය වී වෙඩි වැදීමෙන් දරුවා ජීවිතක්ෂයට පත්ව තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් දරුවා සමඟ දඩයමේ ගිය තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අවුරුදු 24 ,28 සහ 32 යන වයස්වල පසුවන්නන් බව සඳහන් වේ.














































