නැගෙනහිර යුක්‍රේනයේ ක්‍රමටෝර්ක්ස් නගරය වෙත එල්ල වූ රුසියානු මිසයිල ප්‍රහාරයකින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම මිසයිල ප්‍රහාරය අවන්හලක් සහ සාප්පු සංකීර්ණයක් ඉලක්ක කරගනිමින් එල්ල කර ඇති බවත් , එම මිසයිල ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ දී අවන්හලේ පුද්ගලයින් 80 දෙනෙකු පමණ සිට ඇති බවත් , ඉන් 40 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවත් සඳහන් වේ.
එමෙන්ම ගොඩනැගිලිවල සුන්බුන් අතරේ සිටින පුද්ගලයින් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරයි.















































